උණුසුම් පුවත්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ගේ සහායට මහ සඟුවන පෙරට

අගරදගුරු හිමි ප්රමුඛ පිරිසක් ගොනුකළ පෙත්සමට සම සඟරුවන මැදිහත්කාරවරුන් සේ ඉදිරිපත් වෙති.

 

මැල්කම් රංජිත් අගරදගුරු කාදිනල් හිමිපාණන් හා කතෝලික සභාවේ තවත් කිහිප දෙනකු විසින් පොලිස්පති ධූරය වැඩ බලමින් හුන්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීම නොකරන සේ අධිකරණය වෙත ගොනු කරන ලද පෙත්සම් හතට මැදිහත්කරුවන් සේ ඉදිරිපත් වෙන්නට මහ සඟරුවන කටයුතු සම්පාදනය කොට ඇත.

මේ වන විට පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමේ යුක්තිය මෙහෙයුම අතිසාර්ථකව ක්‍රියාත්මක කෙරෙන පසුබිමක මෙවැනි පෙත්සම් ඉදිරිපත් කිරිමට විරෝධය ඵලකරමින් එම වැඩපිලිවෙල ඉදිරියටත් අතිසාර්ථකව පවත්වාගෙන යාම සදහා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ රුදි සිටිම අත්‍යාවශ්‍ය බවට එම මහා සංඝරත්නය විසින් පෙන්වාදි ඇත.

මෙලෙස මැදිහත්කරුවන් වශයෙන් ඉදිරිපත්වී ඇති මහා සංඝරත්නය වන්නේ,

මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රි කල්යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමි.

රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද හිමි.

කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරථන හිමි.

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය මහාචාර්ය අගලකඩ සිරි සුමණ නාහිමි.

ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි.

කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උප කුලපති තායිවානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෝදාගම චන්දිම නාහිමි.

ප්‍රවීන ධර්මදේශක පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි.

සැකසීම -  Lanka C News වෙබ් අඩවිය ඇසුරිණි