ධම්මික ගේ ලියුම මේන් බලන්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූරාපේක්ෂකයා හෙට (07) ප්‍රකාශයට පත් කරන බව එහි මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද මාධ්‍යයට පවසන ලද අවස්ථාවේ මාධ්‍යකරුවන් ''ධම්මික පෙරේරා නේ ද යි" කළ විමසුමට ිළිතුරු වශයෙන් ඔහු කීවේ හෙට උදේ හත වන තුරු පොඩ්ඩක් ඉවසනා ලෙසයි.
පාර්ලිමේන්තුවේ පොදුජන එක්සත් පෙරමුණේ පත්කළ මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂා කරන බව පවසා සිටිය ද අද හවස ඔහු පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තුමන්ත්රී සාගර කාරියවසම් මහතා වෙත ලිපියක් ලියා යවමින් සඳහන් කරන්නේ පෞද්ගලික හේතුවක් මත ඒ අදහසින් බැහැර වී ඉල්ලා අස්වන බවයි.
මෙහි දැක්වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කාරියවසම් මහ ලේකම් වරයාට යවන ලද ලිපියයි.
ධම්මික පෙරේරා ගේ මේ ඉල්ලා අස්වීමේ පුවත සැලවීමත් සමග බොහෝ දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවෙන්නට පටන් ගත්තේ පොහොට්ටුවේ ජනාධිපතිධූරාපේක්ෂකයා නාමල් රාජපක්ෂ යැයි විශ්වාාස බවයි.
මේ සම්බන්ධයෙන් ඉංග්‍රිසි පුවත්පතක් මීට ටික වෙලාවකට පෙර ඒ් බව දක්වා තිබුණි.