උණුසුම් පුවත්කාලීනදේශපාලන නන්දන ගුණතිලක දිවි ගමන හමාර කරයි 2026-01-180 මහින්ද ගේ රාජ්‍යය පාලනයට ඔහු උදව් කළ චරිතයකි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන් ම ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අද (18) ජීවිතයෙන් සමුගෛන ඇත. කලක් තිස්සේ රෝගීව හුන් ගුණතිලක මහතා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූයේ ය. මියයන විට ඔහු පසුවූයේ 63 වැනි වියෙහි ය. ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසි ඔහු පූර්ණකාලීන සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරමින් කැපී පෙනුුුණු සුවිශේෂී චරිතයක් බවට පත් වූූූයේ ය. 1999 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ නන්දන ඡන්ද 344,173 ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත් විය. හේ මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඊට සහාය දක්වමින් කළ මෙහෙය ද බොහෝ දෙනා ගේ ප්‍රශංසාවට හේතු විය ගුණතිලක මහතා තැපැල් හා සංචාරක අමාත්‍ය ධූරය ද දැරී ය. පක්ෂාභ්යන්තරයේ ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව කලකට පසු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය වැලඳ ගත්තේ ය. ඔහු පානදුර නගර සභාවේ සභාපතිවරයා සේ ද කටයුතු කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ලාංකේය අධ්‍යාපනයේ උරුමය භික්ෂුවට යි. සේදුම් බළකායේ ඇම්බැට්ටයින්ට නොවේ Next Article හදවත නිසල ය! මතකය සසල ය