විදෙස්

නයිජීරියාව ඩොලර් මිලියන 11.2 ක් වටිනා ඇත් දළ තොගයක් විනාශ කරයි

නයිජීරියාව විසින් අත්අඩංගුවට ගත් නයිරා බිලියන 9.9 (ඩොලර් මිලියන 11.2) කට අධික වටිනාකමකින් යුත් ඇත් දළ ටොන් 2.5 ක් අඟහරුවාදා දිනයේ දී විනාශ කළේ, රට තුළ ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පවතින අලි ගහනය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ය.

පසුගිය දශක තුන තුළ නයිජීරියාවේ අලි ගහනය, ඇස්තමේන්තු කර ඇති 1,500 සිට 400 ටත් වඩා අඩු වී ඇත්තේ , ඇත්දළ සඳහා දඩයම් කිරීම, වාසස්ථාන අහිමි වීම සහ අලි-මිනිස් ගැටුම හේතුවෙන් බව සංරක්ෂණවේදීන් පවසයි.