ටෙස්ට් තරගාවලියේ ශූරයෝ ගාල්ලේ දී සිල්ප දක්වති
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී සිල්ප දක්වමිනි.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) දැක්වූ සමත්කම ක්‍රිකට්ලෝළීන්ට ගෙන දුන් සතුටක තරම....
අද (29) උදේ සිව්වැනි දිනටතරගය ආරම්භ කරනවිට ලකුණු 514 දැවැන්ත ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් ලබාගෙන සිටියේ ය.
පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස්කළ ලකුණු 602 ට පිළිතුරු ලෙස අතර නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිමේදි ලබා ගත හැකි වූයේ ලකුණු 88 ක් පමි.
සිය දෙවෙනි ඉනිම ආරම්භ කරමින් යළි පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී එකතු කර ගත්තේ ලකුණු 360 පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ඉනිමේ දී අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නො දැවී ලකුණු 182 ක් සිය ගිණුමට බැර කර ගත්තේ ය. දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ක් ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිල අති සූර ලෙස ශක්තිමත් කළහ.
තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලබාගත්තේ ය. තරගාවලියේ වීරයා සේ සම්මානයට පාත්‍ර වූයේ ප්‍රභාත් ජයසූරිය යි.