ආර්ථිකඋණුසුම් පුවත්

නාඩු හාල් මෙට්‍රික් ටොන් 70000 ක් වහා ගෙන්නන්න ආණ්ඩුව පියවර ගනී

හාල් මෝල්කාරයන්ට ඇමති වසන්තගෙන් ටොක්කක්

වහා ම නාඩු හාල් මෙට්‍රික්⁣ ටොන් 70,000 ආනයනය කිරීමට ආණ්ඩුව තීරණයකට එළඹීය. ඒ රටේ පවතින  හාල් අර්බුදයට විසඳුමක් ලෙස යි.

සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින්  මෙටික් ටොන් 70000 ක සීමාව යටතේ   මේ සහල් තොගය  ගෙන්වීවීමට  පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ ය.

හාල් අර්බුදය පිළිබඳ ව දීර්ඝ සාකච්ඡාවක් සහල් ආනයනකරුවන් හා  සතොස ඉහළ නිලධාරීන් අතර පැවැත්වීණි. එහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීමට නාඩු හාල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටයි