උණුසුම් පුවත්දේශපාලන

නාමල්ට අධිචෝදනා භාර දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙනි

කොළඹ මහාධිකරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද අධි චෝදනා පත්‍රයක් භාර දුන්නේය.

ඒ රුපියල් හත් කෝටියක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ ය යන චෝදනාවට අනුව ය. මෙකී චෝදනාව  නැඟී ඇත්තේ ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙනි. 

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අභිමුව අධිචෝදනා පත්‍රය භාර දීමෙන් පසු හේ රුපියල් ලක්ෂයක මුදල් ඇපයකින් සහ මිලියන දහයක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැ යි විනිසුරුවරයා නියෝග ක‌ෙළ් ය.