ආරක්ෂකඋණුසුම් පුවත්තාක්ෂණය

නැවක ගැටුණු දිනේශ් – 4 බහුදින යාත්‍රාවේ හුන් ධීවරයින් 5 දෙනාගෙන් අයකු වෙනත් යාත්‍රාවකින් බේරා ගනී.

මියගිය ධීවරයින් දෙදෙනකුගේ සිරුරු නාවුක හමුදාව සොයා ගනී

දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් පස් දෙනෙකුගෙන් යුත් බෝට්ටුවක් නැවක හැප්පී අනතුරට පත් වීමෙන් ධීවරයින් සිව් දෙනකු අතුරුදන් වී ඇති අතර එක් ධීවරයකු ගේ දිවි බේරී ඇත. දිවිරැකගත් ධීවරයා ගාල්ල ධීවර වරායෙන් රැකියාවේ ගිය 'නිපුනි' නමැති බෝට්ටුවේ හුන් ධීවර පිරිස විසින් ගොඩට ගෙන එන ලදි. මේ අනතරුට ලක්වූ බෝට්ටුව දිනේශ් - 04 නමැති බහුදින යාත්‍රාවයි. එය දෙවිනුවරින් දියත් කෙරී ඇත්තේ ඊයේ (27) උදේ කාලයේ යි.

අනතුරට පත්වූ බෝට්ටුවේ සිට අතුරුදන් වූ ධීවරයින් සොයා ගැනීමට නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙහෙයුමක් දියත් කර ඇත.

අද සවස් වන විට අතුරුදන් ධීවරයින් දෙදෙනකු ගේ සිරුරු නාවුක හමුදාව විසින් සොයාගෙන ඇත.

තවත් ධීවරයකු නිරුපද්‍රිතව සිටිනා බව ධීවර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ගාල්ල හා බේරුවල අතර ගැඹුරු මුහුදේ දී ඊයේ රාත්‍රී නමයට පමණ විපතට පත් මේ බහුදින යාත්‍රාවේ සේවයේ නියැළී හුන් පස් දෙනා දෙවිනුවර, වැලිගම ප්‍රදේශයන් හි පදිංචිකරුවෝ ය.