පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මාධ්‍ය උපමාන
එළඹෙන අප්‍රේල් 06 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරැති අංක 2426/ 07 හා 2025. 03. 03 දිනැති ගැසට් නිවේදනයේ සඳහන් මාධ්‍ය උපමාන මත පිහිටා වාර්තාකරණයේ යෙදෙන්නැ යි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සියලු ම මාධ්‍ය ආයතන වෙත දන්වයි.
සෑම විද්‍යුත් මාාධ්‍යය ආයතනයක්ම, සමාජය තුළ හෝ දේශපාලන ක්‍රියාාකාාරීන් අතර වෛරී සහගත දේශපාලනයක් ප්‍රවර්ධනය වන ආකාාරයේ කටයුතු විකාාශය කිරීමෙන්, ප්‍රචාාරය කිරීමෙන් වැැළකිය යුතු ය. යන කාරණය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරැති ගැසට් නිවේදනයේ දක්වා ඇති කරුණුවලින් කියැවෙන එක් ප්‍රධානතම කාරණාවෙකි.
එහි දක්වා ඇති උපමාන රැසක් ඇති අතර කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට පක්ෂග්‍රාහී නොවී නිවැරදි තොරතුරු ජනතාවට සන්නිවේදනය කරන්නැ යි එහි සඳහන් ය.
