උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

නිළි රාජිනිය මාලනිය දිවිසැරිය නිමා කරයි

මාලිනිය වෙනුවෙන් හෙළදිව සාතිශය සංවේගය!!

සිංහල සිනමා වංශ කතාවට ඉතා ඉහළ ම අගයක් එක්කරන ලද සිනමා නිළි රැජින සේ විරුදාවලිය ලද මාලිනී ෆෙන්සේකා නම් අග්‍රගන්‍ය රංගන ශිල්පිනිය අද (24) උදේ දිවිසැරිය නිමාකළ වග සාතිශය සංවේදයෙන් හෙළදිව ඊ පුවත් සංග්‍රහය මෙස‌ේ සටහන් කරන්නී ය.

මාලිනී ෆොස්සේකා මහත්මිය ජීවිත ගමන හමාර කරන විට සැත්තෑඅට වන වියේ පසුවූවා ය.
දෙස් විදෙස් සමම්මාන රැසකට උරුම කම් කී මේ අග්‍රගන්‍ය නිළි රැජින 1947 බක්මහේ අවසන් දොහේ (30 වැනිදා මෙලොවට සපැමිණෙන්නේ කැලණියේ දී ය. 
නුගේගොඩ  සාන්ත ජෝන් විදුහලින් අයනු ආයනු කියා අනතුරුව කැලණිය ගුරුකුල විදුහලින් සිප් සතර හැදෑරුවා ය. 
වෙිදිකා නිළියක සේ 1963 දී නොරත රත වේදිකා නාට්‍ය‌ෛයෙහි රඟපාමින් නිළියක වීමේ වරම් ලද මාලිනිය 1968 දී පුංචි බබා සිනමා පටයේ රංගනයේ යෙදෙමින් සිංහල සිනමාවේ නොමැකෙන නමක් රඳවන්නට තරම් වාසනාවන්ත වූවා ය.
වේදිකාව, සිනමාව හා රූපවාහිනිය අතික්‍රමණය කළ මාලිනී ෆොන්සේකා නම් මේ අග්‍රගන්‍ය නිළි රැජින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ  2010 සිට 2015 දක්වා කාලයක් මන්ත්‍රීවරියක ෙභූමිකාවට ද පණ දුන්නී ය.