උණුසුම් පුවත්කාලීනදේශපාලන

නුගේගොඩ දී උදය ගම්මන්පිල කියපු කතා

බිලියන 22 ම සතුටින් සිනාසෙන රටක් ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න. එන්න එකතු වෙන්න

 

අප නැවත වතාවක් නුගේගොඩට ආවේ මව්බිම නැවතත් අනතුරේ කියන්න. අද අනුර කුමාරලා. රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා ඔක්කොම එක වල්ලේ පොල්. පවුම් යුරෝ අරගෙන බටහිර තානාපති කාර්යාලවල පදයට නටන රූකඩ විතරක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ අයට මේ රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්නට බැහැ. සෑම බලවේගයකටම තියෙන උත්තරය වැල් පාලම විතරයි. හැබැයි මේ අයිඑම්එෆ් ගිවිසුම ඇතුලෙම තමයි අපිට අර්බුදයෙන් මිදෙන්න තියෙන මාර්ගයත් අහුරලා තියෙන්නේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සර්වජන බලය හි විධායක සභික උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ ඛේ ඊයේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පීඨයේ දී පැවති ඔවුන් ගේ නව සංවිධානයේ මංගල රැලියේ දී ය.

ගම්මන්පිල මහතා රැස්ව හුව් ජනතාව අමතා මෙසේ ද කීවේ ය.

අද ඉන්දියාවේ තියෙනවා අපනයනයක් කළොත් මාස තුනක් ඇතුළත 90% ක් ඩොලර් ටික රට ඇතුලට ගේන්න ඕන. අපේ රටේ තිබ්බ ඒ නීතිය 2017 දී වෙනස් කළා. අපිට ඒ නීතිය යලි ගේන්න බැහැ. ගේන්න බැරි වෙලා තියෙන්නේ ගිවිසුමේ කියනවා මුදල් ඇතුලට ඒම සහ යෑමට තියෙන සියලු බාධාවන් ඉවත් කළ යුතුයි කියලා.

පාස්කු ප්‍රහාරය රණවිරුවන්ගේ කර මතට

පාස්කු ප්‍රහාරය අපේ රණවිරුවන්ගේ කර මතට පටවලා, බුද්ධි අංශවල කර මතට පටවලා සහරාන්ලාව නිදහස් කරගෙන යන කුමන්ත්‍රණයක් අද මාලිමාව දියත් කරලා තියෙනවා. රහස් පොලිසියේ ලොක්කා විදියට කටයුතු කරපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මාලිමා වේදිකාවට නැගලා කියනවා බුද්ධි අංශ මාව නොමග යැව්වේ නැත්නම් පාස්කු ප්‍රහාරය වළක්වගන්න රහස් පොලිසියට ඉඩ තිබුණා කියලා.

බුද්ධි අංශ එවපු වාර්තා වලින් වවුනතිව් වලදී සිදුකරපු සහරාන්ගේ ප්‍රහාරය කොටි සංවිධානයේ ප්‍රහාරයක් කියලා වාර්තා කරපු නිසා රවී බාබා නොමග ගියා කියලයි ඒ බබා කියන්නේ. මිත්‍රවරුනි මම ඉතාම වගකීමෙන් කියනවා රාජ්‍ය බුද්ධි අංශය එවැනි කිසිම වාර්තාවක් රහස් පොලිසියට ලබාදීලා නෑ. පුලුවන් නම් එවැනි වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා මම රවී සෙනෙවිරත්නට අභියෝග කරනවා.

අපි අහනවා රවී සෙනවිරත්නගෙන් ප්‍රශ්න ටිකක්. රවී සෙනවිරත්න මහත්තයෝ 2017 ඉඳන් 2019 පාස්කු ප්‍රහාරය දක්වාම සහරාන්ගේ ත්‍රස්ත කියා 11ක් වුණා. මේවා විමර්ශනය කරන්න රහස් පොලිසිය අසමත් වුණා නේද? . 2019 ජනවාරි 31 සහරාන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඔබට බුද්ධි වාර්තාවක් ලැබුණා නේද. මාර්තු පළවෙනිදා, මාර්තු තිස් එක් වැනි දා බුද්ධි අංශ සාරාන්ගේ ප්‍රහාරයක් පිළිබඳව අනතුරු අඟවපු වාර්තා ඔබට ලැබුනා නේද? විතරක් නෙවයි 2019 ජූනි 9 ලැබුණු වාර්තාව. රවී සෙනෙවිරත්න ලියුම්කවරය කඩන්නෙත් ජූනි 16. ඉතිං කොහොමද රහස් පොලිසිය ත්‍රස්තවාදීන් අල්ලන්නේ

රවී සෙනෙවිරත්නලා, ශානි අබේසේකරලා පොලිස් කාකි සූට් එක ඇඳන් හිටියාට යටින් ඇඳගෙන ඉඳලා තියෙන්නෙ මාලිමාවෙ දම්පාට බැනියම. මාලි මාවේ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහීම් නානාගේ පුත්තු ත්‍රස්තවාදීන් වෙච්චි කොට, විමර්ශනය කරන්නේ මාලිමාවේ රහසේ හිටපු රහස් පොලිසිය වෙනකොට, කොහොමද ත්‍රස්තවාදින් අල්ලගන්නේ. පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදියත් මාලිමාවේ. විමර්ශකයත් මාලිමාවේ. ඔන්න ඕකට තමයි කියන්න වෙන්නේ මුං ඔක්කොම සහෝදරයෝ මල්ලී කියලා.

ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඊලෝන් මස්ක් දැවැන්ත ආයෝජනයක් කරන කෙනෙක්. ලෝකයේ අවදානම් ගන්නා ආයෝජන කරන කෙනෙක්. නමුත් සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ඔහු හඳුන්වන්නේ ආර්ථික ඝාතකයෙක් හැටියට.

ඒ වගේම සුනිල් හඳුන්නෙත්ති මහත්තයා ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න යන්නේ අපූරු විදිහකට. තමන් ණය හිමියන් ගාවට ගිහිල්ලා කියනවලු අනේ මචං ණය ගෙවා ගන්න බෑ නේ මචං කියල. ලෝක බැංකුව, අයිඑම්එෆ් එක එයාගේ පිටට තට්ටුවක් දාලා කියනවලු කමක් නෑ මචං කියලා. මෙහෙව් එකෙක් තමයි මාලිමාවේ මුදල් ඇමති කියන්නේ. එහෙනම් ඉතින් ආර්ථිකයට අබසරණයි කියන එක අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නෑ.

සර්වජන බලය බිහිවුණා විතරයි ආණ්ඩුව කතාකරන්නේ ඡන්දය කල් දාන්නයි. ජන මත විචාරණයකින් වසර දෙකකට කල් දාන්න කතා කරනවා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් වසරකට කල් දාන්න කතා කරනවා. අපි රනිල් වික්‍රමසිංහට කියනවා මහත්තයෝ පුංචි ඡන්දය කල් දැම්මා වගේ ජනාධිපතිවරණයට අත තියන්න බෑ. එදා දාපු සෙල්ලම් අද දාන්න බෑ. අද සර්වජන බලය තියෙනවා. සෙල්ලම් දාන්න ආවොත් මේ ජන ගඟත් අරගෙන ඇවිත් ජනපති මැදුර වට කරන්න අපි ලෑස්තියි කියන එක අපි ජනාධිපතිවරයාට සිහිපත් කරනවා.

බැණ බැණ හිටියට විවේචනය කරාට විකල්ප ඉදිරිපත් කරලා තියෙන්නේත් සර්වජන බලය පමණයි. මැතිවරණයට ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කරලා තියෙන්නේ සර්වජන බලය පමණයි. මේ රට ගොඩනගන විසඳුම තියෙන්නේ සර්වජන බලයට පමණයි. ඒ නිසා බිලියන 22 ම සතුටින් සිනාසෙන රටක් ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සමස්ත ජාතියටම අපි අයාචනා කරනවා