උණුසුම් පුවත්දේශපාලනවිදෙස්

නේපාල හමුදාව රට පුරා ඇඳිරි නීතිය පනවයි

පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ මානුෂීය ආධාර ලබා දීමට ආරක්ෂක අංශවලට සහාය වන ලෙස සියලුම නේපාල ජාතිකයින්ගෙන් හමුදාව ඉල්ලයි

කත්මණ්ඩු, සැප්තැම්බර් 10 ජෙනරේෂන් ඉසෙඩ්  (Gen Z) නායකත්වයෙන් යුත් විරෝධතා හේතුවෙන් උත්සන්න වන නොසන්සුන්තාවයට ප්‍රතිචාර වශයෙන් නේපාල හමුදාව රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

බදාදා මහජන සම්බන්ධතා සහ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක, තහනම් නියෝග පරිදි අද සවස 5:00 දක්වා ක්‍රියාත්මක වන බවත්, ඉන් පසුව භද්‍රා 26 (සැප්තැම්බර් 11) බ්‍රහස්පතින්දා පෙ.ව. 6:00 සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවත් හමුදාව පැවසීය. පැවතින ආරක්ෂක තත්ත්වය අනුව තවදුරටත් තීරණ ගන්නා බව හමුදාව වැඩිදුරටත් පැවසීය. නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා මෙතෙක් සහයෝගය දැක්වූ පුරවැසියන්ට කෘතඥතාව පළ කළ අතර, පෙළපාලි අතරතුර ජීවිත හා දේපළ අහිමි වීම පිළිබඳව ශෝකය පළ කළේය.

අරාජික කොටස් විරෝධතාවලට රිංගා, ගිනි තැබීම්, කොල්ලකෑම්, රාජ්‍ය හා පෞද්ගලික දේපළ විනාශ කිරීම, ප්‍රචණ්ඩ ප්‍රහාර සහ ලිංගික අතවරවලට පවා උත්සාහ කර ඇතැයි බලධාරීන් අනතුරු ඇඟවීය.

"විරෝධතා නාමයෙන් සිදු කරනු ලබන ඕනෑම සාපරාධී ක්‍රියාවක් දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස සලකන හෙයින් ආරක්ෂක අංශ විසින් දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි" o හමුදාව ප්‍රකාශ කළේය.

ගිලන් රථ, අවමංගල්‍ය රථ, ගිනි නිවන රථ සහ සෞඛ්‍ය සේවකයින් සහ ආරක්ෂක නිලධාරීන් විසින් භාවිතා කරන වාහන ඇතුළු අත්‍යවශ්‍ය වාහන ඇඳිරි නීතිය අතරතුර ක්‍රියාත්මක වීමට අවසර ඇත්තේ ය. අවශ්‍ය නම් පහසුකම් සැලසීම සඳහා අවට ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරන ලෙස හමුදාව සියලුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි. වැරදි තොරතුරු වලට හසු නොවී නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙස හමුදාව විශ්‍රාමික සොල්දාදුවන්, සිවිල් සේවකයින්, මාධ්‍යවේදීන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එක්සත්කම අවධාරණය කරමින්, ජාතික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට, සමාජ සමගිය පවත්වා ගැනීමට සහ පුරවැසියන් ආරක්ෂා කිරීමට සහ මානුෂීය ආධාර ලබා දීමට ආරක්ෂක අංශවලට සහාය වන ලෙස සියලුම නේපාල ජාතිකයින්ගෙන් ඉල්ලයි.