උණුසුම් පුවත්

පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවකු රජ්ගමින් අල්ලා ‌ගනියි

ටී 56 ගිනි අවි දෙක රජ්ගම සිට අකුරැස්සට ප්‍රවාහනය කරන ලද්දේ මොහු ලු

බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනකු වෙඩි තබා ඝාතනය කළ පාතාල කල්ලියේ තවත් සැකකරුවකු රජ්ගම පොලිස් වසමේ දොඩන්දූව මාර්ගයේ දී හක්මන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 34 ක් වූ රත්ගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි පොලිසිය කියයි.

ඝාතනයට යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවි 02 ක් සැකකරු විසින් මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුගෙන් ලබා‌ගෙන යතුරු පැදියකින් අකුරැස්ස ප්‍රදේශයේ සිට කරාපිටිය ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇත. එම අවි බැහැර කිරීමට යොදා ගත් යතුරු පැදිය හා සැකකරු භාවිතා  කළ ජංගම දුරකථන 02 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බෙලිඅත්ත පොලිස් ස්ථානයට භාර දී ඇත.

සැකකරුට දින 07 ක රැඳවුම්  නියෝග ලබා ගෙන බෙලිඅත්ත පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.