ඝාතනයට හේතුව මුදල් ගනුදෙනුවක්?
හිනිදුම, පනංගල, මහාබෝධි වත්ත ප්‍රදේශයේ අවන්හලකට කඩා වැදුණු සන්නද්ධ පුද්ගලයකු විසින් එහි හිමිකරුට හා තවත් දෙදෙනකුට වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.ඒ ඊයේ (30) රාත්‍රියේ දී ය. දඩයක්කරුගේ ඉලක්කයට ලක්වූවන් එම ස්ථාථානයේ දී ම මරුමුවට පත් වී ඇතැ යි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉලක්කයට ලක්වූවන් තිදෙනා ම ඝාතනය කළ ගිනි අවිකරු යතුරුපැදියකින් තවත් පුද්ගලයකු සමඟ පැමිණ ඇති බවත් අවන්හල් හිමිකරු හා මියගිය අනෙක් පුද්ලයන් දෙදෙනා ද තවත් දෙදෙනකු ද සමඟ මත්පැන් පානය කරමින් සිටිය දී වෙඩික්කරුගේ ප්‍රහාරයට ඉලක්ක වී ඇති අතර දෙදෙනෙකු දිව ගොස් ජීවිත ගලවා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග දක්වයි.
අපරාධකරු විසින් ටී 56 ගිනි අවියක් මේ සඳහා භාවිතා කර ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී හිස් උණ්ඩ කොපු14 ක් පමණ තිබී ඇත.
මුදල් ගනුදෙනුවක් සම්බන්ධ ව මෙකී මිනීමැරුම් සිදු කොට ඇතැ යි පොලිසිය විශ්වාස කරයි.
වෙඩික්කරු විසින් ඝාතනය කර ඇත්තේ වයස 54, 34 ක් හා 29 ක් වයැසැති පුද්ගලයින් ය.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර හිනිදුම පොලිසිය ඝාතකයන් හඹායමින් පරීක්ෂණ අරඹා ඇත.