මාදම්පාගම සති පොළේ ගැටලුව
රත්ගම ප්රාදේශීය සභාව මඟින් පාලනය කරන පැරට් හන්දියේ බදාදා සති පොළෙහි මුහුදු වෙරළ ට ආසන්නව ඇති කොටසෙහි වැසි දිනවල මෙන්ම සුළං පවතින අවස්ථාවල වෙළදාම් කිරීමට නොහැකි වී ඇත .
වැසි සහිත කාල වලදී මුහුදු සුළඟ වැසි වතුර ගොඩනැඟිල්ල තුළට පැමිණීමත් අධික උෂ්ණත්වය පවතින අවස්ථාවල සුළං සමඟ මුහුදු වැලි මෙම ගොඩනැඟිල්ල තුළට ගසාගෙන එනු ලබයි.මුහුදු රළ දැඩි වන අවස්ථා වලදී මුහුදු වතුරද පොළ භූමිය වසා ගනී.
සති පොළෙහි ගොඩනැඟිලි වල මුහුද දෙසින් කිසියම් ආවරණයක් යොදන්නේ නම් වැසි වතුර සහ මුහුදු වැලි ගොඩනැඟිල්ල තුළට ගසාගෙන ඒම වළක්වාලිය හැකි බව මෙම සති පොළෙහි වෙළදාම් කරන ජංගම වෙළෙන්දෝ පෙන්වා දෙති.
මෙම සති පොළ බදු දීමෙන් රත්ගම ප්රාදේශීය සභාව වැඩි අදායමක් උපයා ගන්නා බවද එම වෙළෙන්දෝ කියති