උණුසුම් පුවත්තාක්ෂණය

ප්‍රාදේශීය පුවතක්

ජංගම දුරකතන සංඥා හා ඩේටා අවුලට විසඳුමක් දෙන්නේ කවදා දැ යි හබරකඩ පාරිභෝගිකයෝ විමසති

Exif_JPEG_420

තොරතුරු හඹායෑම වත්මන් ලොවේ මහත් වේගයෙන් සිදුවන්නකි. වත්මන් පරපුර බුහුටි ජංගම දුරකතනවලිින් ද ලැප්ටොප් හා ඩෙස්ටොප් වලින් ද ලොව වටා සැරිසරන්නේ නව ලොව තාක්ෂණය උපයෝගි කරගෙන ස්වකීය අනාගත දිවි පෙවෙත සරිකර ගන්නට පමණක් ම නොවේ. ‌

වෙනස් වන ලෝකයේ තොරතුරු විද්‍යා හා තාක්ෂණ දියුණුවේ කොටස්කාරයන් කාරියන් වීමේ නොතිත් ආසාවෙන් පෙළෙමිනි.

අපේ රටේ ද ඉතා වේගවත් සන්නිවේදනයේ ගලා යෑම එකසේ සිදුවන්නේ නම් එයින් රටට විශාල ආර්ථික ලාබ ද බොහෝ ය. 

අප මේ පෙන්නා දෙන්නට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා බැඳී සිටින පාරිභෝගික මැසිවිල්ලකි. ඒ හෝමාගම නගරයට ආසන්නතම ප්‍රදේශයක් වන හබරකට වැසි පාරිභෝගිකයන්ට දුරකතන සංඥා දුබලතාවය හේතුවෙන් ඩේටා අවුලකට ඔවුන් මුහුණ පා සිටින කතාවයි.

මේ ප්‍රදේශයේ ටෙලිකොම් මොබිටෙල් පාරිභෝගිකයනට සිය බුහුටි හෙවත් ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ කෙරෙනා ඔවුනොවුනගේ සම්බන්ධතා  මෙන්ම අන්තර්ජලා ක්‍රියාකාරකම් වේගවත්ව උකහා ගන්නට නොහැකි හෙයින් නිසි රිසි සේ දුරකතන සංඥා පහසුවෙන් ලබා ගන්නට සංඥා කුළුණ වැඩිදියුණු කරන්නැ යි බලධාරීන්ට අවස්ථා ගණනාවක් ලිඛිතව දන්වා ඇතත්  පීඩාවට පත් මේ පාරිභෝගිකයනට බලධාරී ඇත්තන් ගෙන් මේ දක්වා කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලද බව කියති.

මේ පිළිබඳ වගකිවයුත්තන් නිසි ප්‍රතිකර්ම කරනු ඇතැ යි හෙළදිව අපේක්ෂාවයි.