41 වැනි වරටත් ලේ දන්දීමක්
කහව වේරගොඩ ජයන්ති විහාරයේදී හතළිස් එක් වන වරටත් ඉකුත් 30 වන දින ලේ දන් දීමේ පින්කමක් පැවැත්විණි .එහිදී ලේ පයින්ට් එකසිය විස්සක පමණ ප්‍රමාණයක් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ලබා දීම සිදු කෙරිණි .
පිරිස ලේ දන් දෙන අයුරු සේයාරුවෙන් දැක්වේ .
----- ----------- -----
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිළවරණය සීයලු තනතුරු නිතරගයෙන්
අම්බලන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නිළවරණය ඉකුත් ජූනි 28 වෙනිදා අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ඇම්.ජී.හසන්ති නිරෝෂනී මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර් යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .
එහිදී සියලු තනතුරු සඳහා නිතරගයෙන් නිලධාරීන් තේරී පත් විය. සභාපති තනතුර සඳහා නින්දාන ශ්‍රී ධර්මේන්ද්‍රාරාම ධර්මකුශල දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය හිටපු ශාසනාරක්ෂක බල මණ්ඩල ලේකම් වරයෙකු ද වූ නින්දාන මහ විදුහලේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති පූජ්‍ය ශාස්ත්‍රවේදී නින්දානේ චන්දික හිමියන් තේරී පත්වූ අතර ප්‍රධාන ලේඛකාධීකාරී ධූරයට මීටියාගොඩ විවේකාරාම විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේදී අම්බලන්තොට පේමරතන හිමියන් තේරී පත් විය.
උප සභාපති පුජ්‍ය වාව්වේ ධම්මසිරි හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය වේනමුල්ලේ සෝභිත හිමි,උප ලේඛකාධිකාරී පූජා ගබ්බෙල සුමන ධම්ම හිමි,පූජ්‍ය වැලිවිටියේ ශාන්තසිරි හිමි,පුජ්‍ය රත්මලානේ ආනන්ද හිමි.
ගිහි ලේඛකාධිකාරී දීපාල් පින්නදූව මහතා .
විධායක සභාව පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම හිමි,පූජ්‍ය යටියන සීවලී හිමි,පූජ්‍ය පොල්වත්තේ වංසික හිමි.
-------------------------------------------------------------
මුහුදු වෙරළේ ආරක්ෂිත බැම්මට සමාන්තරව මාදම්පේ , වේනමුල්ලේ සිට අකුරළ දක්වා ඉදි කොට ඇති කි.මී දෙකකට ආසන්න දුර ප්‍රමාණයකින් යුත් ඇවිදින බිම් තීරුවේ සවිකොට ඇති විදුලි පහන් කණු 28 න් විසි පහක පමණ විදුලි බල්බ සහ එම ආවරණ සොරුන් විසින් ගලවා ගෙන ගොස් ඇත .
මෙම ඇවිදින මං තීරුවේ නඩත්තු කටයුතු රත්ගම ප්‍ර්‍රාදේශීය සභාවට පැවරී ඇති අතර මෙම විදුලි පහන් කණු අලුත් වැඩියා කිරීම සඳහා විශාල මුදලක් වැයවන බැවින් මේ පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය දැනුවත් කොට ඇතත් මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැතැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් මොනරා පුවත් පත වෙත අදහස් දක්වමින් පැවසීය .
- ලාල් ගොඩගේ -