ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන

ප්‍රීති පද්මන් සුරසේන මහතා නව අගවිනිසුරු!

ආන්දෝලනාත්මක නඩු ගණනාවක විනිසුරුවරයා සේ හේ වගකීම් දැරූවෙකි.

නව අගවිනිසුරු ධූරය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාට පිරිනැමීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුකුම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. 

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (23) රැස්වෙන බව වාර්තාවේ. 

වත්මන් අගවිනිසුරු මුර්දු ෆ්‍රනාන්දු මහත්මිය එළඹෙන 27 වනිදා ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත ය. 

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සුරසේන මහතා කලක් අධිකරණ කොමිෂන් සේවා  සභාවේ ද කටයුතු කරන ලද්දෙකි.