උණුසුම් පුවත්දේශපාලන

පාර්ලමේන්තු මහ මැතිවරණය – 2024

හිටපු ආණ්ඩුවටත් වත්මන් ආණ්ඩුවටත් අයි. එම්. එෆ්. ගිවිසුම සංශෝධනය කරන්න බැරි වුණාට අපිට පුළුවන් - සජිත්

ඉදිරියේ දි නිර්මාණය වන ආණ්ඩුව වත්මන් ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැද ගෙන අයි එම් එෆ් ගිවිසුම ජනතාවට වාසිවන ලෙස සංශෝධනය කිරිමට හැකිවිය යුතු බවත් ඒ හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයට බවත් විපක්ෂයේ සිට පවා අයි එම් එෆ් එකත් සමග සමගි ජන බලවේගය වට ගණනාවක් සාකච්ඡා කර අවබෝධතා රැසකට එළැඹ තිබුණු බවත් වත්මන් පාලකයන්ට මේ ගිවිසුම වෙනස් කරන්න නොහැකි වුවත් සමගි ජන බලවේගයට එය හැකි බවත් සමගි ජන බලවේගයේ හා සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රත්මලානේ දී රත්මලාන මැතිවරණ බලප්‍රදේශයේ සමගි ජනබලවේග සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවැත්වූ ජන හමුවක් අමතමිනි

තවද හිටපු රජය දේශී්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරනයේදී වැඩි බරක් ජනතාව පිට පටවා ජනතාවට පීඩනය අසහනය ගෙන එන ගිවිසුමකට අත්සන් කර සාමාන්‍ය ජනතාවට නිර්මාණය කළ ඒ අසහනය⁣ට විරුද්ධව නැගී සිටියේ සමගි ජන බලවේගය බවත් ජනතාවට වඩාත් සහනදායී ගිවිසුමකට යා යුතුය කියන පදනම මත ජනාධිපතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක කළ යුතු බවත් IMF එකෙන් දැන් රටට ජනතාවට සහන නොලැබෙන නිසා හිටපු රජය නිර්මාණය කළ ගිවිසුම වෙනස් කරන්න සමගි ජන බලවේගය සාකච්ඡා කළ බවත් එහිදී ජනතාවාදී ජනහිතකාමී ගිවිසුමකට යාමට සුදානම් වු බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

බදු සුත්‍රය සංශෝධනය විය යුතුයි

මේ බදු සුත්‍රය වහා සංශෝධනය විය යුතු බවත් එය ජනතා හිතෛෂී සහන බදු සුත්‍රයකට මුල පිරිය යුතු බවත් මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ IMF එකත් සමග ඇති ජනපීඩිත ගිවිසුම imf රාමුව තුළ සිට සංශෝධනය කරණ ප්‍රතිපත්ති මාලාවක සමගි ජන බලවේගය සිටින බවත් රටේ ජනතාව ජීවත් කරවීමේ වගකීම තමා සතු බවත් ඒ සදහා අවශ්‍ය බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.