සජිත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ට ජනවාරි මාසයේ නිකුත් කළ වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කිරීමට එහි සාමාන්‍යාධිකාරවරයා තීරණය කර ඇතැ යි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනවාරි 8 වැනිදා ට ගමනාගමන මණ්ඩලය වසර 66 ක් සම්පූර්ණ කළ බවත් මෙවන් අවස්ථාවක මෙවන් දෙයක් සිදු කිරීම දරුවන් දුෂ්කරතාවලට ලක් කිරීමක් යැ යි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කළේ ය.
මේ නිවාඩු මාසයක් වුවත් දූදරුවන්ට උපකාරක පන්ති තිබෙන බවත් මේ නව රෙගුලාසිය නිසා සතිඅන්තයේ වාර ප්‍රවේශ පත්‍ර භාවිතය පවා තහනම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේම උසස් පෙළ විභාගය පවා පැවැත්වෙන මේ මොහොතේ මෙවැනි තීන්දුවක් ගැනීම වැරදි බැවින් මෙසේ අවලංගු කරන ලද වාර ප්‍රවේශ පත්‍ර වලංගු භාවයට පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.