උණුසුම් පුවත්

පැට්ටා ඝාතනයට දඩයක්කරුවා ගිය යතුරු පැදියේ හිමිකරුයි උකස්කරුයි අල්ලා ගනී

කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කළ යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාළ හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන භාවිතා කරන ලද පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සදහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බළකායෙන් කෙරෙනා මෙහෙයුමක දී ය.

එහිඅණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක ගයාන් ගුණසෝම ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17)  කඩවත පොලිස් වසමේ අංක 264/2, දළුපිටිය, කඩවත දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

එහි දී 2024.01.10 වන දින නවගමුව පොලිස් වසමේ අංක 55/54/01, ගලබඩවත්ත, කොරතොට, කඩුවෙල යන ලිපිනයේ පදිංචි පීරිස් විතානගේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා යන පුද්ගලයා පැහැරගෙන ගොස් ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යොදාගන්නා ලද යතුරු පැදියේ ලියා පදිංචි අංකයට අදාල විස්තර වාර්තාවේ දැක්වෙන අංකයට අදාළ එහි හිමිකරු සහ එම යතුරු පැදිය උකසට ගෙන පුද්ගලයා ද  පොලිසිය විසින් අල්ලා ගෙන ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නවගමුව පොලිස් ස්ථානය වෙත භාරයට පත්කොට ඇත.