උණුසුම් පුවත්කාලීනතාක්ෂණය

පැලවත්තේ ලංකා බැංකු ඒ. ටී. එම් යන්ත්‍රය හදන්නේ කවදා ද?

හෙළදිව තැපැල් මල්ල

බත්තරමුල්ල, පැලවත්තේ ඉසුරුපාය ඉදිරිපිට සවිකොට තිබෙන ලංකා බැංකුවේ ඒ. ටී. එම් යන්ත්‍රය දෙසතියක පමණ සිට ක්‍රියා විරහිතව පවතී,

මේ නිසා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන ජනතාවටත් පන්නිපිටිය පාරේ ගමන් ගන්නා මගින්ට සහ ප්‍රදේශවාසී ජනතාවටත් මුදල් ලබා ගැනීම සඳහා පැලවත්තේ ලංකා බැංකු ශාඛාවේ පිහිටි ඒ. ටී. එම් යන්ත්‍රය කරා යෑමට සිදුව තිබේ.

මේ පිළිබඳව  ප්‍රදේශවාසීන් ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයට සහ පැලවත්ත ශාඛාවට නොයෙක්  වර දැනුම් දී ඇතත් ඒ දැනුවත් කිරීම් බිහිරි අලින්ට වීණා ගැයීමක් බවට පත් ව ඇත.

මේ ලංකා බැංකු බලධාරීන් ගේ අවධානය පිණිසයි.

 - පැලවත්තේ,  බුද්ධදාස අමරසිංහ -