උණුසුම් පුවත්

පිටරැටියන් රොත්තක් ඉන්ටර්නෙට් හරහා ගරානා වැඩකිඩ – පරෙස්සන් වෙන්න

තායි ගැහැනු 04 ක් ඉන්දීය කතුන් 03 ක් හා එක් චීන කාන්තාවක් ද ජාවාරමේ යෙදිලා

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ චීන ජාතිකයින් 30 ක්, ඉන්දීය ජාතිකයින් 4 ක් සහ තායිලන්ත ජාතික 6 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි හෝටලයක සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සන්තකයේ තිබී මූල්‍ය වංචාවන් සඳහා යොදා ගත් ජංගම දුරකථන 499 ක් ලැප්ටොප් 24 ක් හා ඩෙක්ස්ටොප් 29 ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

මේ විදේශීය වාංචනිකයින් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් අනුව කරන ලද වැටළීමකින් මොවුන් කොටකර ගන්නට හැකිවී ඇත.

මේ රොත්ත අතර කාන්තාවන් අට දෙනකු ද සිටින බවත් ඔවුන් තායි ගැහැනු හතරක්, ඉන්දියානු කාන්තාවන් තුනක් හා එක් චීන කතක් ද සිටින බව යි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ලද්දේ.

මොවුන් මෙකී ජාවාරම කර ඇත්තේ අවිස්සාවේල්ල හංවැල්ලේ  ගම්පහ පිහිටි ස්ථානයක රැඳී සිටිමිනි.