උණුසුම් පුවත්

පිරිමි රිලවුන් වන්ද්‍යාකරණය සදහා ව්‍යාපෘතියක්

මාතලේ දිස්ත්‍රික්කය තුළ වගා හානි සිදුකරන පිරිමි රිලවුන් වන්ද්‍යාකරණ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඊට අදාළ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා,

“මාතලේ දිස්ත්‍රික්කයේ රිලවුන් ගහණය වැඩිවීමත් සමග මෙම ප්‍රදේශයේ ඇති වෙලා තියෙන කෘෂිකර්මික ගැටලුවක් විදියට සාකච්ඡා කළා. මෙතැනදී ලංකාවේ ක්‍රියාත්මක කරන පළමු පිරිමි රිලවුන් වන්ද්‍යාකරණ ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් ලෙස සිදුකිරීමට මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය මුහුණපාන ගැටලු රාශියකට විසඳුම් ලබාදෙන්න හැකි වුණා.”