උණුසුම් පුවත්කාලීනසංස්කෘතික පිරිවෙන් සහ දහම් පාසල්හි සිසු සිසුවියන්ගේ සුබසාධනයට ආධාර ලබා ගැනීමට සියක් නමක් භික්ෂූහු පිණ්ඩපාත චාරිකාවක 2025-09-030 මහනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව මෙම පිණ්ඩපාත චාරිකාව වාර්ෂිකව සංවිධානය කරන පුණ්‍ය කටයුත්තකි මෙවර දද සියක් නමක් මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවේ නිරත වූහ. කොළඹ කොටුව පෞද්ගලික සහ රාජ්‍ය ආයතන රැසක කාර්ය මණ්ඩලය මග දෙපස රැස්ව මහා සංඝරත්නයට පිරිකර පූජා කළහ. කොටුව, සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින් අද (03) උදෑසන ආරම්භ වූ පිණ්ඩපාත චාරිකාව ජනාධිපති කාර්යාලය වෙත වැඩම කළ අවස්ථාවේදී මහා සංඝරත්නයට පිරිකර පූජා කිරීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද එක් විය. දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති පිරිවෙන් සහ දහම් පාසල්හි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ සුබසාධන කටයුතු සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් මහනුවර බෞද්ධ හා සුබසාධක සංගම් එකමුතුව විසින් වාර්ෂිකව මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කරනු ලබයි. ජනාධිපති කාර්ය මණ්ඩලය මෙම පිරිකර පූජා කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article කවිකාර මඩුව Next Article මාලිමාව මහ පාරේ නඩු තීන්දු දෙනවා.. පෙරටුගාමී කාර්යාලය බලෙන් අල්ලගෙන..