උණුසුම් පුවත්දේශපාලන

පිල්ලෙයාන් අත්අඩංගුවට

පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීමක් සම්බන්ධයෙන්

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වු ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

පුද්ගලයෙකු පැහැර ගෙන යාම සහ එම පුද්ගලයා අතුරුදහන් කරවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කර ගෙන යනු ලබන විමර්ශනයක් මත  ඊයේ (08)  රාත්‍රී කාලයේ මඩකළපුවේ පිහිටි පිල්ලෙයාන් ගේ  පක්ෂ කාර්යලයේ දී බව වාර්තා වේ.