අයිස් ගත්තේ කොයිබින් දැ යි පොලිසිය සොයයි
පුනරුත්ථාපනය කඳවුරක ගාල් වී සිටින පුතාට අයිස් මත්ද්‍රව්‍ය දෙන්නට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු වවුනියාව මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඒ සිය මත්ලෝලී පුතා බලන්නට ඔහු පුනරුත්ථාපනය වෙමින් සිටින වවුනියාව පුනරුත්ථාපන කඳවුරට ගිය අවස්ථාවේ දී ය..
වවුනියාවේ දී අත්අඩංගුවට පත් වූ උප පොලිස් පරීක්ෂකවරයා අලව්ව පොලිසියේ රාජකාරියේ නියැළී සිටින්නෙකි. ඔහු අයිස් මත්ද්‍රව්‍ය ගෙන ඇත්තේ කොයිබකින් දැ යි අනාවරණය කරගන්නට පොලිසිය ඔහු ප්‍රශ්න කරමින් සිටී.