කන්දකාඩු සිද්ධි ගැන පැවති සාකච්ඡාවේ දී අධිකරණ ඇමති කියයි
පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්‍රඥප්තීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ ඇති වු සිද්ධින් සහ පුනරුත්ථාපන කාර්යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ දැනට මෙරට පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පවතින පරිපාලන දුර්වලතා මග හරවා ගැනීමට පුහුණුව සහිත නිලධාරීන් බදවා ගැනීමට අවශ්‍ය අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින් ඔවුන් බදවා ගැනීමට කටයුතු කළ යුතු බවයි.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පසුගිය කාල සීමාවේ වු සිද්ධින් ඉදිරියට ඇති නොවීමට වග බලා ගත යුතු බවත්, පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කළ යුතු බවත්, අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.
මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලියේ පවතින අඩු පාඩු නිවැරදි කිරීම සදහා අවශ්‍ය යෝජනා කඩිනමින් ඉදිරිපත් කිරීමට හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් පවතින නීති සහ රෙගුලාසි අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණ අමාත්‍යතුමා පුනරුත්ථාපන කාර්යාංශ කවුන්සිලයට උපදෙස් ලබා දෙන ලදී.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් වැඩි කිරීම, පුනරුත්ථාපනලාභින්ගේ මානසික තත්වය ඉහළ නැංවීම, එම මධ්‍යස්ථානවල පරිපාලන කටයුතු, ඔවුන්ට ලබා දෙන පුහුණුවීම් පිළිබදව මෙහිදී අවධානය යොමු විය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පසුගිය කාලය තුළ ඇති වු සිද්ධින් සිදු නොවීමට ගත හැකි ඉදිරි පියවර පිළිබදව හා පුනරුත්ථාපනය වු පසු ඔවුන් පිළිබදව පසු විපරම් කිරීම පිළිබදව සාකච්ඡා විය.
විශේෂයෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති ප්‍රදේශ දුෂ්කර ප්‍රදේශයක් වන බැවින් පහසුකම්වලින් යුත් ප්‍රදේශයකට ගෙන යාම පිළිබදව සොයා බලන ලෙස අධිකරණ අමාත්‍යතුමා උපදෙස් ලබා දෙන ලදී.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල්, කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල්, දර්ශන හෙට්ටිආරච්ච්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කාර්යාංශ කවුන්සිලයේ සභාපති, ජනාධිපති නීතිඥ, යූ.ආර් ද සිල්වා, යන මහත්වරුන්, අධිකරණ අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය, පුනරුත්ථාපන කාර්යාංශ කවුන්සිලය, මානව හිමිකම් කොමිෂන් සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.