සුනිල් අකුරුගොඩ කවියාගේ නවතම කාව්‍ය නිර්මාණ සංග්‍රහයෙනි
පාරමිතා
කකියන දෙපා ඉකිබින්ඳා දෙමංසලේ
මාවත තවත් දුර හින්දා නුවන් සැලේ
පෑගෙන ගල් බොරලු උහුලා සුසුම් විලේ
මාවත සොයා ගෙන යනවා නිසන්සලේ
දෙතනේ කිරි වෑහෙනවෙ පපුව තෙමේ
හිමිදිරි පාන්දර දැනුණා සුවඳ අනේ
දෑසට නින්ද නැතිවයි රැය පහන් වුණේ
හනිකට යමන් දරුවා ඇත නිදි යහනේ
අම්මා හඬා වැලපෙද්දී නලවන්ට
මා පොඩි වැඩි උනා බෑ මට වාවන්ට
නංගී එදා සැරසුණේ කොහෙදෝ යන්ට
දෙවියනි ඇයි ද දුන්නේ ඇය ගෙනියන්ට
පෙරුම් පුරමු මේ සසරින් ගොඩ එන්ට
තාත්තාගෙ කෙඳිරිල්ලක් ඇසුණි මට
ඔහුගේ දෙඅත් අම්මා ගේ සිරිස මත
වැටුණා කඳුළු අප සැමගේ පොළොව මත
පියසෙනෙහස මව් සෙනෙහස දෝරෙ ගලා
අපි උන්නා එකිනෙකාට තුරුළු වෙලා
නෙත්වල කඳුළු නොනිමෙයි ඇය මතක් වෙලා
අපෙ නංගී දැන් අපගෙන් ඈත් වෙලා
අම්මා උදේ රෑ දිව්වා ඇයව සොයා
පුරවා චූටි කුස ඈගේ උකුළෙ හොවා
මා පිය සිතිවිල්ල සපලයි හිතින් හිතා
දන්දුන්නා ... නංගිව පාරමී පතා
(දරුවන් දන් දී පාරමිතා සෙවූ සැමට උපහාරයක්ම වේවා!)