උණුසුම් පුවත්සාහිත විචාර

‘පොපි’ මල් පොතේ – සුනිල් ගේ මතේ

ජීවිතය මම නැවත විඳිමින් සිටිමි.

මග හැරුණු ජීවතය නැවත පුනර්ජීවනය ලැබුවේ යම්තාක් දුරකින් හෝ ගිය අවුරුද්දේ එනම් 2023 වසරේ දී දෛවයේ සරඳමකට මෙන් 1975 සිට මා හදවතේ සියුම් තැන් පිරිමැද රස තැන් සොයා යන්නට තැත් කළ උත්සාහය 1976 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිසරයේ දී පෙති විවරව සුවඳවත් වන්නට තැත් කළා පමණි.

ජීවන අරගලය කෙසේ වත් සුමුදු වූයේ නැත.... කඨෝර වැට කඩුලු මතින් වැටෙමින් දුවමින් හතිලමින් ඉලක්කය හඹා යන ගමනේ දී ඒ විකසිත වෙමින් තිබූ සුමුදු කුසුම් අගුලු දමන්නට සිදුවීම සරඳමක් විය.

විදේශ රකට වසර 30 කට ආසන්න කාලයක් ජීවත්වීම ම තවත් ජීවන අරගලයක කොටසකි. භද්‍ර යෞවනයේ දී අගුලු දමා සුරක්ෂිතව තිබූ ඒ සුවඳවත් කුසුම් ස්පර්ශ කරන්නට නැවත අවකාශ ලැබුණේ මා විශ්‍රාමිකයකු වූ පසුව යි.

ජීවිතය මම නැවත විඳිමින් සිටිමි.

සුවඳවත් මල් නැවත විකසිත කරන්නට නිර්ලෝභීව තේතැන්න සකස් කර දුන්නේ මුහුණු පොත බව ගෞරවයක් ලෙස සදහන් කරමි. එහි සැරිසරණා ආදරණීය මිතුරු මිතුරියන් මා චිත්ත සන්තානයේ නොමැකෙන සේ තැන්පත් වී ඇත. 

සොඳුරු නිමේෂයක් කරා යන ගමනේ දී ඉතාමත් නිර්ලෝභීව ඔවුන්ගේ කාලය වැය කරමින්, වේලාව අවේලාව නොතකා මගේ දුරකතන පණිවිඩය විසන්ධි නොකර ධෛර්යය හා ශක්තිය ලබා දුන් කෘතහස්ථ සාහිත්‍යවේදිනී තනූජා ධර්මපාල නංගිටත්, රේණුකා ඉරේෂා ගණේගොඩ දයාබර මිතුරියටත්, ගාමිණි මොරගොඩ සහ පත්මසිරි ජයවර්ධන යන සොඳුරුකල්‍යාණ මිතුරන් දෙදෙනාටත් මාගේ ප්‍රණාමය පුද කරමි.