උණුසුම් පුවත්

පොල්දූව හන්දියේ දී පොලිස් ජලප්‍රහාරයකින් නාගෙන විශ්‍රාමිකයිනුයි රැකියා විරහිත උපාධිධාරීනුුයිවිසිර

උද්ඝෝෂණ ය විරෝධතාවය දෙපැයක් විතර

රැකියා විරහිත උපාධාරීන් ගේ සංගමය හා රාජ්‍ය සේවා විශ්‍රාමික සමිති ඒකාබද්ධ ජාතික සංවිධානය විසින් අද (18) දහවල් බත්තරමුල්ලේ පොල්දූව මංසංධියේ දී  හවුල්කාරීව   පවතවන ලද විරෝධතාවකට පොලිසියෙන් එල්ල කෙරුණු ජලප්‍රහාරයකින් පසු විසිර යන ලදි. 

පොලිසියේ අධි පීඩන ජලවිදින යන්තුවලින් එල්ල කරන ලද ‌ජල ප්‍රහාරයෙන් පසු විරෝධතාකරුවන් පාරේ අනිත්පසරැඳී සිය උද්ඝෝෂණයේ නියැළුණි. 

පොලිසියෙන් උද්ඝෝෂකයිනට ජල ප්‍රහාරයකට ලක් කරන ලද්දේ ඔවුන් ගේ විරෝධතාවය නිසා මහමඟ අවහිරතා හේතුවෙන් ජනතාව අසීරුවට පත්වී ඇතැ යි පවසමිනි.