වැඩ බලන පොලිස්පති විසින් නඟන චෝදනා ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩිව ප්‍රතික්ෂේප කරයි
ජාතික පොලිස් කොමිෂන් සභාව ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් ආදී කටයුතුවලට සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් පොලිස්පතිවරයාගේ ක්‍රියාපටිපාටියට බලපෑම් හා බාධා පමුණුවන්නේ යැ යි වැඩ බලන පොලිස්පති විසින් නඟන චෝදනා ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩිව ප්‍රතික්ෂේප කරයි.
රටේ ව්‍යවස්ථාපිත නීතියේ ප්‍රතිපාදන සහ අනෙකුත් නීති සහ රීති වලට අනුකූලව සහ අනුගතව තමන්ට පැවරී ඇති වගකීම සහ රාජකාරී සෑමවිටම ඉටු කරනු ලබන බවත් පොලිස් කොමිෂන් සභාව සඳහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමිනි.
පිටු හයකින් යුත් පොලිස් කොමිසමේ නිවේදනය යි මේ