2024.02.10 වන දින මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියාගේ ගිනි අවිය පැහැර ගෙන එම නිලධාරියාට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමට අදාලව සැකකරුවෙකු හා සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ වරදට සැකකාරියක් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි බස්නාහිර උතුර බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.02.11 වන දින බිංගිරිය පොලිස් වසමේ වාරියපොල මාර්ගයේ බිංගිරිය දෙසට ගොස් බිංගිරිය මාර්ගයෙන් බෝවත්ත, ගෙටළුව මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී 2024.02.10 වන දින මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බධා කිරීම, පොලිස් නිලධාරියාගේ ගිනි අවිය පැහැර ගෙන එම නිලධාරියාට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම, ගිනි අවි භාවිතය සහ ප්‍රවාහනය කිරීම යන වරදට වතුරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 43 ක් වන පුද්ගලයකු රිවොල්වරයක්, 09mm ජිව උණ්ඩ 03ක්, 09mm හිස් කොපු 02 ක් ත්‍රිරෝද රථයක් සමග හා සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දීමේ වරදට උඩුබද්දාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ක කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බිංගිරිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.