සංවිධානාත්තමක අපරාධ කල්ලි සාමාජිකයින් 03 ක් සහ තවත් සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට
සංවිධානාත්තමක අපරාධ කල්ලි සාමාජිකයින් 03 ක් සහ තවත් සැකකරුවන් 11
දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
ඒ කළුතර, ගාල්ල, මාතර, කොළඹ, බස්නාහිර පළාතේ දකුණ හා
බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.
බස්නාහිර පළාත හා දකුණු පළාත මූලික කර ගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා 2024.03.19 දින සිට දිවයින පුර පොලිස් කණ්ඩායේ 20 ක් යොදා සිදුකරන්නා වූ විශේෂ මෙහෙයුම් මාලාව යටතේ කෙරෙන වැටලීමක දී ය.
මේ මෙහයුමට සම්බන්ධ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය, මාතර
අපරාධ මර්දන කොට්ඨාසය හා විශේෂ පොලිස් කාර්ය බළකාය විසින් මේ වැටලීම් සිදු කර ඇත.
ඉකූත් 08 වැනිදා මාතර අපරාධ මැඬලීම් කොට්ඨාසයේ නිලධාරීන් විසින්
රිකිල්ලෙස්කඩ පොලිස් වසමේ දී කළ වැටලීමක දි සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්ත සැකකරු වයස අවුරුදු 50 ක් වන රිකිල්ලලගස්කඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කොළඹ අපරාධ මැඬලීමේ කොට්ඨාසපේ නිලධාරීන් විසින්කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ කළ මෙහෙයුමක දී සංවිධානාත්මක අපරාධ කල්ලියක පුද්ගලයකු අත්අඩංගුට ගන්නා ලදි. අත්අඩංගුවට ගත්ත සැකකරු වයස අවුරුදු 29 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙදින ම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෝදර ප්‍රදේශයේ කරන ලද සෝදිසියක දී ද සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු අත්අඩංගුවට ගනු ලැබිණි.
