උණුසුම් පුවත්

පොලිස් පොතෙන්

පොලිස් මාධ්‍ය ඒකකයේ නිවේදන

මනුෂ්‍ය ඝොතනයක් .

2024.05.13 වන දින දහවල් කාලයේදී මහඔය පොලිස් වසයේ සමගිපුර ප්‍රදේශයේ දෙදෙරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙමෙ පුද්ගලයයකුට තියුණු ආයුධයකින් පහරදීම නිසා බරපතල තත්ත්වයෙන් මහඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගාස් ඇති බවට මහඔය පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණයට පත් තැනැත්තා වයස අවුරුදු 26 ක් වූ සමගිපුර, මහඔය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. මෘත ශරීරය මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනය සේබන්ධයයන් වයස අවුරුදු 18 ක් හා 23 ක් වන සමගිපුර, මහඔය ප්‍රයේශයේ පදිංචි සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මහඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

  2. දිය අනතුරකින් පුද්ගලයන් පස් දෙනකු බේරා ගැනීම

 පානදුර වෙරළ තීරයේ දිය නෑමට ඊයේ (13) සවස් කාලයේදී ගිය පුද්ගලයන් දෙදෙනකු දිය වැලකට හසුවී මුහුදට ගසාගෙගෙයමින් සිටිය දී එම ස්ථානයේ රාජකාරී යෙයෙ සිටි පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් කොස්තාපල් 33628 ලක්මාල්, පොලිස් කොස්තාපල් 101557 ධනුක යන නිලධාරින් හා යවරළ ආරක්ෂක නිලධාරින් දෙදෙනකු විසින් වහාම ක්‍රියාත්තමක වී එම පුද්ගලයින් බේරායගන මූලික ප්‍රථමාධාර ලබා දීයමන් සු ඔවුන් සමඟ පැමිණි අයට භාරදී ඇත.

අනතුරට ලක් වූවන්ය ස අවුරුදු 16 වියේ පසුවන අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

  3.මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුට

 පොතුවිල් පොලිස් වසමේ පොතුවිල් නගරයේදී පොතුවිල් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද ඊයේ (13) උදේ කාලයේ ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හඳුනා නොගත් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 350 ක් හා හෑස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 63 මිලිග්‍රෑම් 470 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 ත්, 28 ත් අතර වයසේ වූවන් ය. ඔවුන් අහංගම, බූස්ස, දොඩන්දූව හා හික්කඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 4. අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු අත්අඩංගුවට 

2024.05.13 වන දින රාත්‍රී කාලයේ ග්‍රෑන්පාස් පොලිස් වසමේ නවගම්පුර ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 43 යි මිලිග්‍රෑම්ද 440 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ග්‍රෑන්පාස් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් පමණ වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

. 05. හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුව ට  

 රාගම පොලිස් වසයේ වීරරත්තන මාවතේ දී රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (13) වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 කුත් මිලිග්‍රෑම් 200 ක් සන්තයේ තබාගෙන සිටි සැකකාරියක අත්අඩංගුව ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 44 ක කතකි.  රාගම ප්‍රදේශයේ  පදිංචිකාරියකි. රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

6. හෙරොයින් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

 ගම්පහ පොලිස් වසයේ ඉහළගාඩ ප්‍රදේශයේදී ගම්පහ ‌පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 360 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අල්ලා ගෙන ඇත. සැකකරු අවුරුදු 58 ක අයෙකි.  හේ තැනැත්තෙකි. ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

7හෙරොයින් සමඟ සැකකරුවකු අත්අඩංගුට

2024.05.13 වන දින දහවල් කාලයේ යමාරටුව පොලිස් වසයේ කටුබැද්දේ දී ‌මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද  වැටලීමකිිින් හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 850 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අල්ලා ගෙන ඇත. ඔහු අවුරුදු 32 ක වයසැති එම ප්‍රදේශයේ ම පුද්ගලයෙකි.

     8. නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවන් දෙන්නෙක්

2024.05.13 වන දින සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ බුලත්සිංහල පොලිස් වසමේ පහල වෙල්ගම දී  මොවුන් දෙන්නා  පොලිස් නිලධාරීන්ට කොටු වී ඇත්තේ ලද ‌ෙතාරතුරක් මත කෙරුණු වැටලීමක දී ය. නීති විපරෝධී මත්පැන් ලීටර් 07 මිලි ලීටර් 500 ක් ද මත්පැන් පෙරීමට යොදාගත්තු ගෝඩා ලීටර් 1263 මිලි ලීටර් 750 ක් සමග සැකකරුවකු ද, පහල නාරංගල ප්‍රදේශයේ දී නීති විපරෝධී

මත්පැන් ලීටර් 67 මිලි ලීටර් 500 ක් සමඟ තවත් සැකකරුවකු ද අල්ලා ගන්නට පොලිස් නිලධාරීන්ට හැකි විය. මොවුන් දෙන්නා අවුරුදු 39 හො 42 වයස්වල පසුවන පහල නාරංගල හා බුලත්සිංහල ප්‍රදේශවල පුද්ගලයෝ වෙති.

  9. විදේශයක නිෂ්‍පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් කොටු කරගනී.

වාරියපොළ පොලිස් වසමේ නවගත්තේ දී ලද තොරතුරක් මත කළ වැටලීමකින් බලපත්‍රයක් ‌නොමැතිව විදේශ රට නිෂ්‍පාදිත ගිනි අවියක් සහිතව පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. හේ අවුරුදු 35  ක් වයසැත්තෙකි. පදිංචිය නවගත්තේ ගමේ අයෙකි.

    10. විදුලිසැර වැදී දැරියක් මිය යයි

 පයාගල, මග්ගොන දී කුඩා දැරියකට ඊයේ සවස විදුලිසැර වැදී  මියයගාස් ඇති බවට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් පයාගල පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 03 ක් වයසැති, මුං‌හේනේ ළදැරියකි. දැරිය නිවසේ අනාරක්ෂිත විදුලි සැපයුමක් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදී බේරුවල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

  11. දියේ ගිලී පුද්ගලයකු මියයොමක්  

ඊයේ අලුයම් කාලයේදී මසුන් ඇල්ලීම සඳහා මුහුදු ‌ගොස් සිටි පුද්ගලයයකු දියේ ගිලී මියයගාස් ඇති බවට මන්නාරම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 62 ක් වූ පල්ලිමුණේ බටහිර, මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහු මසුන් ඇල්ලීමට ‌ෙගාස් සිටියදී ඇතිවු හදිසි කුණාටු තත්ත්වයක් හේතුවෙන් වල්ලම පෙරළී මුහුදට ඇද වැටි ඇති අතර ඒඅවස්ථාවේ මසුන් අල්ලමින් සිටි ‌ෙසසු පිරිස විසින් ඔහුගේ සිරුර ‌ෙසායා‌ගෙන ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

   13. දුම්රිය අනතුරකින් පුද්ගලයකු මරුට

‌කොස්ගොඩ, දුවමෝදර දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ අත් ට්‍රැක්ටරයක් මාතර සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ අත්ට්‍රැක්ටර් රථයේ රියදුරු හා එහි ගමන් ගත් පුද්ගලයකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල මාරුකර යවා ඇත.

මරුමුවට පත් තැනැත්තා අවුරුදු 49 ක් වූ දෙහිගහවෙල පදිංචිව හුන් පුද්ගලයෙකි..

   14. මාරක රිය අනතුරක්

2024.05.13 වන දින උදෑසන කාලයේදී ගල්ගමුව  පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ කුරුන්දන්කුලම ප්‍රදේශයේදී පාදෙණිය ‌ෙදස සිට අනුරාධපුර ‌ෙදසට ධාවනය වූ කාර් රථයක් එම ‌ෙදසටම ඉදිරියෙන් ධාවනය කරන ලද යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකාරිය ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

අවුරුදු 36 ක් වයසැති ඇය ගල්ගමුව ප්‍රදේශයේ කතකි. කාර් රථයේ රියදුරු අත්තඅඩංගුවට ‌ගෙගෙපොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

   15. මෝටර් රිය අනතුරක් 

අලව්ව නාරම්මල මාර්ගයේ හපුගහගෙදර ප්‍රදේශයේදී, අලව්ව දෙදෙසිට නාරම්මල ‌දෙදෙ ධාවනය

වූ යතුරු පැදියක් පාලනය කරගත ‌නොහැකිව මාර්ගය අයිනේ වූ කොන්ක්‍රීට් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බර තල තුවාල ලැබූ යතුරු පැදිකරු අලව්ව යරෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

26 වියැති තරුණයෙකි මෙසේ මරුමුවට පත්වී ඇත්තේ. හේ අලව්වේ තරුණයෙකි.