ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් බුද්ධික ඉල්ලා අස්වෙයි.

ඔහුගේ දුරකතනයත් ගොළුවෙලා!???

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

තම ඉල්ලා අස්වීමේ ලිපිය මනතුංග මහතා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හට යොමුකර ඇතැයි පැවසේ.

පොලිස්ව මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඔහු ඉවත්වීමට හේතු කාරණා කිසිවක් සඳහන් නැතත් පුද්ගලික හේතුවක් යයි කියැවේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පති විසින් බුද්ධික මනතුංග මහතා  පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්කරන ලද්දේ ඉකුත්  වසරේ දෙසැම්බර් දෙවැනි දා (2024.12.02)  ය.

අපේ පුවත්පත් කලාවේදියකු  දුරකතනයෙන් ඔහු සම්බන්ධ කර ගන්නට කීප වතාවක් උත්සාහ කළ ද එය ව්‍යවර්ථ වූ බව මීට ටික වෙලාවකට පෙර හේ හෙළදිවට පවසමින් දැක්වූයේ මනතුංග මහතා කිසියම් දැඩි පීඩනයකට ගොදුරුවීම මේ ඉල්ලා අස්වීමට හේතුව විය හැකි ය යන්න යි.