උණුසුම් පුවත්දේශපාලන පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල් 2024-08-070 සුබ මොහොතෙන් සාගරගෙන් නාමල්ට නිල ලියවිල්ල පිරිනැමුණි 2024 සැප්තෑම්බර් 21 ජනාධිපතිවරණ්‍ය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේකයා සේ එම පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් නම් කරන ලදි. ඒ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද උදේ පැවති ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ උත්සවයේ දී ය. සිය පක්ෂයේ අපේක්ෂකයා අද උදේ හත වෙන විට ප්‍රකාශයට පත් කරන බව ලේකම්වරයා ඊයේ මාධ්‍ය හමුවේ පැවසී ය. අද උදේ 08. 59 ට පමණ වූ සුබමොහොතේ දී රැස්ව හුන් පාක්ෂිකයන් ගේ ඔල්වරසන් හඬ මැද ඊට අදාළ ලිපිය කාරියවසම් මහතා නාමල් රාජපක්ෂ මහතාට පිරිනමන ලද්දේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පොහොට්ටුවේ නිර්මාතෘ යැ යි කියන බැසිල් රාජපක්ෂ, හා පාර්ලිමේන්තුවේ එම පක්ෂයේ මැති ඇමතිවරු කීප දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ඊයේ වනතුරු ම පැවති රාවය ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා සේ පොර පිටියට එන බවකි. එහෙත් ඊයේ හවස හේ පෞද්ගලික හේතවක් මත තරග නොකරන බව පක්ෂයේ ලේකම්වරයාට ලිපියක් මඟින් දන්වන ලදි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වේ. Next Article රජයේ දොස්තරලා අනුර බැහැදකිති