උණුසුම් පුවත්

බටපොළ නන්ද නාහිමිපාණෝ අපවත් වී වදාළහ

ආදහන පූජෝත්සවය 03 වැනි සෙනසුරාදා බටපොළ දී

බටපොළ සුභද්‍රාරාම මහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රපති බටපොළ නන්ද හිමියෝ ඉකුත් 31 දින ඇල්පිටිය මූලික රෝහලේ දී අපවත් වූහ .කලක් රෝගාතුරව සිටි උන් වහන්සේ අපවත් වන විට 69 වන වියේ පසුවිය
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යාය 8 මයුරපාද මහ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුණු උන් වහන්සේ එම විද්‍යාලයේ විදුහල්පති වරයා ලෙස හා බටපොළ ශ්‍රී අනෝමදස්සී කණිටු විදුහලේ විදුහල්පති වරයා ලෙස සේවය කොට විශ්‍රාම ලැබීය. කලක් කොල්ලුපිටියේ ශාන්ත මයිකල් විදුහලේ ද උන්වහන්සේ සේවය කළහ.

පුජ්‍ය බටපොළ නන්ද හිමියෝ ශ්‍රී කළ්‍යාණවංශ නිකායේ හිටපු ලේඛකාධීකාරි වරයෙක් හා විධායක සභිකයෙකුද වේ. උන් වහන්සේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යෙකු ලෙසද කලක් කටයුතු කළහ.

නිබඳව ම උජුපටිපන්න ගුණයෙන් යුතුව බොදු සසුනට, සතර පේරුවේ දායකකරකාදීන්ට මෙන් ම පොදුවේ සමස්ත සමාජය වෙත සිය බැල්ම පෑ උන්වහන්සේ සියලු සතුනට දැක්වූ මෙත්සිත බොදුනුවන්ගේ පමණක් නොව අන්‍ය ලබ්දිකයනගේ ද සෙසු සමාජ ස්ථර දමහත් සේ ප්‍රසාදයට පත්ව හුන් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි.

ශ්‍රී කළ්‍යාණවංශ මහ නිකායේ මහා නායක ධූරය හෙබවූ අපවත් වී වදාළ පූජ්‍ය බටපොළ අනෝමදස්සී හිමියන් ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකු වන පූජ්‍ය නන්ද හිමියන් ගේ ආදාහන කටයුතු 3 වන සෙනසුරාදා බටපොළ දී සිදු කෙරේ .