උණුසුම් පුවත්දේශපාලන

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයාට යවයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ හවුරුදු 25 කට පසුව ලු

පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව”  ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු  කරනු ලැබ ඇත. 

වසර 25 කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු  සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.