සංවර්ධනය හොරුන්ට බාරදෙන්න අපි සූදානම් නෑ. කරලා බලමු
''කරලා බලමු. සභාපතිකම තියෙයි, උපසභාපතිකම තියෙයි, උත්සවවලට යයි, එහා පැත්තෙ පොල්තෙල් පහන දල්වන්න පුළුවන්"
"මෙහා පැත්ත අපි. ඊටවඩා දෙයක් දෙන්නෙ නෑ. සල්ලිවලින් වැඩ කරන්නෙ අපි"
විපක්ෂයේ කණ්ඩායම් එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම් සිදු කළත් සංවර්ධන වැඩ කිරීමට ඔවුන්ට අවස්ථාව නොදෙන්නේ යැ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් කිය යි.
“නයි මුගටි එකතුවෙලා හදනවා නම් මොකෝ වෙන්නෙ. හදන්න පුළුවන්, සංවර්ධනය හොරුන්ට බාරදෙන්න අපි සූදානම් නෑ. නයි මුගටි එකතු වෙනවා නම් අපි බොහොම පැහැදිලිව කියනවා වැලිකන්ද සංවර්ධනය කරන්නෙ මහවැලි අමාත්‍යාංශය හරහා අපි එවනවා නීත්‍යානුකූලව සල්ලි මහවැලිය හරහා ගොවි ජනතාවට"
"ඒගොල්ලො මේවා හදන්න අනවශ්‍ය විදියට එනවා නම් අපි සූදානම් ඒ අයට එරෙහිව නඩු ගේන්න. නඩුවලින් පුතේ නිකම් එන්න බෑ දැන්, අවුරුදු විස්සයි විසි පහයි යන්නෙ. මහින්දානන්ද ගියා නම් වැලිකන්දේ කුඩා බඩු කොහොම යයිද ? උසාවිය ඇතුළෙ වැඩ බේරාගන්නත් අපි සූදානම්.”
නියෝජ්‍ය ඇමති ටී. බී. සරත් මහතා එසේ ප්‍රකාශ කරන ලද්දේ වැලිකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක දී ය.
