උණුසුම් පුවත්කාලීනදේශපාලනපරිසරය

බලශක්ති ඇමති කුමාර ජයකොඩි හා කේ. ටී. එම්. උදයංග හේමපාල අමාත්‍යාංශ ලේකම් ඉල්ලා අස්වෙලා

අපක්ෂපාති හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසන්න අස්වුණා ලු

ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ එකී ධූරවලින් ඉල්ලා අස්වී ඇත. ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි දෙක අද හවහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනය කර යි.

ජනාධිපතිවරයා හට තම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙමින්, කුමාර ජයකොඩි මහතා,  ගල්අඟුරු සැපයුම සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට ගත් තීන්දුවත්, 2009 වසරේ සිට ගල්අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් ඔස්සේ ජනාධිපතිවරයා, දූෂණයට එරෙහි සහ ජන වරමට කැපවුණු නිර්භීත අධිෂ්ඨානය තමන් අගය කරන බව පවසා ඇතැ යි කියයි.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා තම ලිපියෙන් දක්වා  ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවලට අවහිරයක් නොවීම උදෙසා හා විමර්ශනවල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ඊට පහසුකම් සැලසෙන අයුරින් තමන් ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බවයි