උණුසුම් පුවත් බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන්, එක් පවුල් ඒකකයක් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 10 ක් 2025-05-110 ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි! කොත්මලේ, ගැරඬිඇල්ල ප්රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී ඇත. මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ. මීට අමතරව ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිත ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ”මම මහත් සේ කම්පාවට පත් වීමි” – ජනපති අනුර Next Article වෙසක් අසිරිය