බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (19 දා) පැවැති උළෙලේ දී සම්මානලාභීන් හා ඇමති හඳුන්
බස්නාහිර පළාතේ ව්‍යවසායකත්ව විශිෂ්ඨයන් අගයමින් “බස්නාහිර පළාත් ව්‍යවසායක සම්මාන උළෙල 2025“ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ (19 දා) පැවැත්විනි.
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කළ මෙම “බස්නාහිර පළාත් ව්‍යවසායක සම්මාන උළෙල 2025“ මෙවර පැවැත්වෙන්නේ අඛණ්ඩව 8 වන වරටය. මෙහිදී බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයින් අතරින් කැපීපෙනෙන ව්‍යවසායකත්ව විශිෂ්ඨ ජයග්‍රහණ පෙන්වූ ව්‍යව්‍යවසායකයින් වෙත සම්මාන කාණ්ඩ 27 යටතේ ව්‍යවසායකයින් 54 දෙනෙක් සදහා රන්, රිදී, ලෝකඩ හා සම්මාන සම්මාන පිරිනමනු ලැබීය.
මෙහිදී කර්මාන්ත හා නිෂ්පාදන අංශය, කෘෂිකර්මය/පශු සම්පත් සහ ධීවර කටයුතු, ආගන්තුක සත්කාර/සංචාරක සහ අනනකුත් සේවා සඳහාද නවෝත්පාදන, පාරිසරික තිරසාරභාවය, බලශක්ති කාර්යක්ෂමතාව, අපනයන විශිශ්ඨත්වය, ඵලදායිතාවය, අගය එකතු කිරීම, තරුණ හා කාන්තා ව්‍යවසායකත්වය, විවිධ හැකියාවන් ඇති ව්‍යවසායකත්වය, රැකියා නිර්මාණය, තිරසාරභාවය පිළිබඳ පිළිවෙත් , මූල්‍ය කාර්ය සාධනය යන අංශ සඳහා විශේෂ සම්මානද මෙවර පිරිනමන ලදී.
මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා, “මෙවර අයවැයෙන් කර්මාන්ත වෙනුවෙන් රුපියල් බිලියන 120ක් හා කර්මාන්තකරුවන්ගේ ණය සහන වෙනුවෙන් රුපියල් බිලියන 80ක් වෙන් කර තිබෙනවා. මෙවැනි විශාල මුදලක් රජය කර්මාන්ත අංශය වෙනුවෙන් වෙන්කරන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතිව. ඉතා ඉක්මනින්ම කර්මාන්ත සඳහා සුදුසු ඉඩම් ලබාගැනීම වෙනුවෙන් ඉඩම් බැංකුවක් (land bank) ස්ථාපිත කරනවා. මේවන විට ව්‍යවසායකයින්ටත් රජය පිළිබඳ ඉතා හොඳ විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ඒ අනුව කර්මාන්තකරුවන්ට රජය සමඟ එක්ව සාර්ථක ගමනක් යාමට හැකියාවක් තිබෙනවා“ යැයි පැවසීය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනෝජා හේරත්, ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අනුර වර්ණකුලසූරිය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, රාජ්‍ය නිලධාරීන්, ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
