අත හිත දිය යුතු මෙවන් තරුණයින් ගැන හිතන්න
බහුදින ධීවර යාත්‍රා නිමහම් කරන්නා වූ තරුණයින් රැසක් දකුණේ සිටිති. අපේ වාර්තකරුවකු විසින් බහුදින ධීවර යාත්‍රා නිශ්පාදනය කරන්නා වූ තරුණයකු ගැන මේ ලියවිල්ල සකසා ඇති අතර රටේ වත්මන් පරපුර දිරි ගැන්වීම හෙළදිව ප්රමුඛ කාර්යයක් සේ සලකන බැවින් මේ තරුණයා ගේ කතාව ඔබට ඉදිරිපත් කරන්නෙමු.
ස්වයං රැකියාවන් හි යෙදෙමින් රටට බරක් නොවී ජීවිත ගැට ගනිමින් ඇවැසි කාසි පණම් වලින් හිස් භාණ්ඩාගාරය පිරවීමට පාලකයන්ට අවංක අවශ්‍යතාවයක් ඇත්නම් මෙවන් තරුණයින් තව කොච්චර දෙනෙකු මේ පොළොවේ සුසුම් හෙළමින් පසුවන්නෙහි ද? ඒ ඔවුන්ගේ කුසලතා, නිපුණතා හා දක්ෂතාවලට අතහිත දෙන්නට පාලකයින් ගේ ඇස් නොපෙනෙන නිසා ම ද?
අපනයනයට මෙවන් බෝට්ටු නිපැදවීමට ඇති හැකියාව කෙරෙහි උනන්දුවක් දක්වන අවංක නායකත්වයක් රටට කවදා බිහිවේ ද යන්න විමසීමට මේ සටහන ද වැදගත්කමක් වටිනාකමක් ඇත්නම්... මෙවන් බොට්ටු විතරක් නොවේ. අපනයන කෘෂිනිශ්පාදන..... පහුගිය කෝවිඩ් වසංගතය සමයේ ගෙවලට වී නිකරුණේ කාලය කා දැමීමට නොහැකි උණකාර තුරණ තරුණියන් මොන මොන වගේ අලුත් නිශ්පාදන රටට පෙන්නුවද? ඒත් අද ඒ් වැඩකරුවන් ගැන කිසිවකු කටකු ඇර කතා කරන්නෙහි ද?
මඳකට හිතන්න....!!!!

බොහෝ තරුණ පිරිස් මව්බිම හැර දමා විදේශ රැකියා සොයමින් වෙහෙසෙන යුගයක දිරිය තරුණයෙකු බහුදින ධීවර යාත්‍රා නිශ්පාදනය කරමින් ගොඩ යන්නට දරන උත්සාහය අගය කළ යුතුය .එසේම සරුංගලය, වෙස් මුහුණ පවා පිට රටින් ගෙන්වන යුගයක බහුදින ධීවර යාත්‍රාවක් අප රටේම නිශ්පාදනය කරන මෙවැනි තරුණයින් තව තවත් දිරි ගැන්වීම බලධාරීන් ගේ යුතු කමකි.
ඔහු කහව අකුරළ ප්‍රදේශයේ දී අපට හමු වූ ආර්.කේ.ජී.චානක ශ්‍රී ලාල් සුමනසේකර (අවු.33) මහතා ය.ධීවර බෝට්ටු නිශ්පාදනය පිළිබඳව අප හා විස්තර කරමින් චානක මහතා මෙසේ කීය.මම මට්ටක්කුලිය සාගර විශ්ව විද්‍යාලයේ නාවික ඉංජිනේරු උපාධිය ක් හැදෑරුවා .මම ප්‍රායෝගික පුහුණුව ට ගියේ බෝට්ටු නිශ්පාදනය කරන පුද්ගලික සමාගම ක ආයතනය කට.එහිදී තමයි මට මේ බෝට්ටු නිශ්පාදන අදහස පහළ උනේ.2009 වරෂයේ සිට මම බෝට්ටු නිශ්පාදනය කරල තියෙනවා .අපි අඩි 40 සහ 47 දිගැති බෝට්ටු නිශ්පාදනය කරනවා.දැනට අවුරුදු කීපයකට පෙර කෝටි එක හමාරකට පමණ බෝට්ටුව ක වැඩ නිම කරන්න පුළුවන් කම තිබුණා .නමුත් අඩි 47 ක බෝට්ටුව ක වැඩ නිම කරන්න දැන් කෝටි හතර හමාරක් විතර යනවා.මේ වියදම් නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන අයට බෝට්ටුවක් නිශ්පාදනය කරගන්න අසීරු තත්වයක් තියෙනවා .
ලීයෙන් තනන ලද සැකිල්ලක තමයි පයිබර් අච්චුවක ආධාරයෙන් බෝට්ටුව නිර්මාණය කරන්නේ .එම ලී සඳහා විශේෂයෙන් දොඹ, හොර වගේ ලී යොදා ගන්නවා . ශරීරයක ඇට සැකිල්ල වගේ තමයි බෝට්ටුවට සවිය ලැබෙන්නේ මේ ලී සැකිල්ල නිසා .ධීවර කර්මාන්තයේ යෙදෙන අය තුළ යම් යම් විශ්වාස තියෙනවා .ඒ නිසා ගැනුම්කරුවන් බෝට්ටුවේ නිශ්පාදන කටයුතු ආරම්භ කරන්නේ නැකතකට. අපිත් ඒ අනුව කටයුතු කරනවා .මුලින්ම බෝට්ටු අච්චුව වැක්ස් කරනවා. පයිබර් උපයෝගී කරගෙන තවත් ගොඩක් නිශ්පාදන කරන්න පුළුවන් .අපේ අය ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වීම තමයි කණගාටුව.මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සංචාරකයන් සඳහා මුහුදු නැරඹුම් බෝට්ටු නිශ්පාදනය කරන්න .ඒ සඳහා ත් හොඳ වෙළද පොළක් තියෙනවා .
මම මේ වන විට බහුදින ධීවර යාත්‍රා එකසිය තිහක පමණ ප්‍රමාණයක් නිශ්පාදනය කරල තියෙනවා.අද වන විට මේ කර්මාන්තයේ සේවා සහ අමු ද්‍රව්‍ය සඳහා ලොකු මුදලක් වියදම් කරන්න වෙලා තියෙනවා .ඒ නිසා අපට මේ කර්මාන්තයෙන් ලොකු ලාභයක් ලබන්න බෑ. ඉස්සර මුහුද ආශ්‍රිතව අය විතරයි මේ කර්මාන්තයට යොමු වුණේ. නමුත් දැන් වන විට රට අභ්‍යන්තරයේ පිරිස් පවා බෝට්ටු නිශ්පාදනය ට යොමු වී තියෙනවා .ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආයතන මඟින් බෝට්ටු එන්ජින් ආනයනය කොට අප වෙත ලබා දෙනවා.ඒ වගේම ධීවර දෙපාර්තමේන්තුවේ මාසික අධීක්ෂණය යටතේ තමයි අපි මේ කටයුතු සිදු කරන්නේ .අපට රජය මඟින් යාත්රාංගණ පහසුකම් වගේ යටිතල පහසුකම් හදල දෙනවා නම් මේ කර්මාන්තයෙන් රටට විදේශ විනිමය හොයල දෙන්න අපි වගේ අයට පුළුවන්.