වැඩ බලන පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමක දී මොහු අල්ලා ගෙන ඇත. මේ පුද්ගලයා ළඟ අයිස් මත්්‍රව්‍ය ග්‍රෑම් පහක් තිබී සොයාගෙන ඇත. බ්ලුමැන්ඩල් නිපුණ නැමැත්තාගේ සමීපතමයකු බවත් ඔහු විසින් ලබා දෙනු ලබන මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇත. නිපුණ දෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකර ඇත්තේ මොහු බව තොරතුරු අනාවරණය වී ඇත
එම බළකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය I හි උප පොලිස් පරීක්ෂක ඩි.ඩි.ඒ. ජයසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) බ්ලුමැන්ඩල් පොලිස් වසමේ අංක 68/24, වොස් ලේන්, කොළඹ 15 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත ඇත.
එහි දී ට සන්තකයේ තබාගෙන සිටි කොළඹ 15, වොස් ලේන් හී පදිංචි වයස අවුරුදු 26 ක පුද්ගලයකි. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත් වූවෙකි. හේ අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු ඇත්තෙකු බවට තොරතුරු අනාවරණය වේ. මොහු. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.