තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ගෙනෙන ලද කේශධාතු තැන්පත් කොට ගිරිහඬු සෑය ඉදිකිරීම, ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීම් ලක්වැසියනට සුවිශේෂ ය අද දවස
බිනර පුන් පසළොස්වක පෝය අද (07) යි.
සකල ලෝක වාසී කාන්තාවන්ට විමුක්තියේ රශ්මිදහරා හි පහස ලබන්නට හැකි වූයේ ද අද වන් පුන් පෝ දින යි.
මහා ප්‍රජාපතී ගෝතමියන් පන්සියයක් ශාක්‍ය කුල කාන්තාවන් කැටිව බුදුන් වහන්සේ කරා පැමිණ භික්ෂුණී සාසනය පිහිටුවීමට කෙරුණු ඉල්ලීම පලදරන ලද තවත් ප්‍රමුඛතම සිද්ධියක් සටහන් වන්නේ ද අද වන් පෝ දිනයක දී ය
භික්ෂූණි ශාසනය ආරම්භවීම මෙන් ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට බිනර පුන් පොහෝ දිනය දා සිදු විය.
වස් සමයේ අතරමැදි පොහොය ලෙසද බිනර පෝය සැලකෙයි.
සියලු ශ්‍රී ලාංකිකයන් හට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමේ කටයුතු හා බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කම් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමයි.
මෙලෙස වැදගත් බිනර පුන් පසලොස්වක පොහොය නිමිත්තෙන් බෞද්ධ ජනතාව අද දවස පුරා වෙහෙර විහාරස්ථානවලදී ආගමික වතාවත්වල නිරත වෙයි.
.