උණුසුම් පුවත්

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිර මැදිරියකින් ජංගම දුරකතන සහ උපාංග රැසක්

 

මියගිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ  සහෝදරයා රැදී සිටින බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ  සිර මැදිරියෙන් සහ  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වනරැවුල් කුමාර යන අය රැදී සිටින සිර මැදිරියෙන් ජංගම දුරකතන සහ උපාංග  රැසක් පොලිස් විශේෂ කාර්ය බලකායෙ අත්අඩංගුට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කුමාර කුලසේකර මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ පොලිස් පරීක්ෂක පි.ජි.ආර්. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ ( 2024.02.21) බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය හදිසි සෝදිසි කිරීමක් සිදු කෙරුණි.