උණුසුම් පුවත්

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනට වෙඩික්කරුවන් ආ වාහනය ගාල්ලේ පුඤ්ඤසාර පිරිවෙන් රථ ගාලේ ??

පොලිසියෙන් මාධ්‍යවේදීන්ට බාධා...

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතන සිදු කරන ලද වෙඩික්කරුව්න් ගමන් කළ ජිප් රිය යැ යි සැකකරනු ලබන මෝටර් රථයක් ගාල්ල නගර මධ්‍යයේ පිහිටි පුඤ්ඤසාර පිරිවෙන් රථගාලේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත. මේ ඝාතකයන් අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා නැමැත්තා ඇතුළු පුද්ගලයින් පස් දෙනකු බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුම අසල දී වෙඩි තබා ඝාතනය කොට කඹුරුපිටිය හරහා පළා යන අයුරු පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබුණි.

පුඤ්ඤසාර පිරිවෙන් රථගාලේ නවතා ඇති උක්ත ඝාතනවලට සැකකරන ඝාතකයන් පැමිණියේ යැයි මේ වාහනය බවට පොලිසිය මෙතෙක් අනාවරණය කර ගෙන නොමැත. ඉකුත් 22 වැනිදා බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශීයේ දී මෙකී ඝාතන සිදුකරන ලද්දේ පෙරවරු 7. 30 ත් 8. 00 ටත් අතර කාලය තුළ බව පොලිසිය කියයි.

මෙම පස් මිනී මැරිම ගැන විමර්ශණ කටයුතු සඳහා වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් විමර්ශණ කණ්ඩායම් පහක් යොදවා ඇත.

මේ වාහනය පිරිවෙන් භූමියේ ගාල්කොට තිබෙන අයුරු ඡායාරූප ගැනීමට හා වීඩීයො ගත කිරීමට ගිය පුවත්පත කලාවේදීන්ට හා ූපවාහිනී ප්‍රදේශීය කැමරා ශිල්පීන්ට ඒ හතර මායිමකටවත් කිට්ටු වෙන්නට නොදී මෝටර්රිය රැකවරණයට යොදවා සිටින පොලීස් ඇඳුමින් හා සිවිල් ඇඳුමින් සැරහී සිටින පොලිස් භටයන් බැණ ඉවත් කොට ඇතැ යි අපේ වාර්තාකරැවෝ පවසති.