උණුසුම් පුවත්දේශපාලන

බේරුවලත්, ලග්ගලත් බලය සමගි ජන බලවේගයට හිමි වේ

ලග්ගල සභාපති ධූරයට බන්දුල පද්මසිරි

බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට. ෆයිසර් නසීර් මහතා සභාපති ධූරයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි බේරුවල ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (20) හැකි විය.

ඒ අනුව බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ෆයිසර් නසීර් මහතා බේරුවල ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.

මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාවේ බලය සජබට.

සභාපතිකම බන්දුල පද්මසිරි මහතාට 

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් සමගි ජන බලවේගයට අද (20) හැකි විය.

ඒ අනුව මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ බන්දුල පද්මසිරි මහතා මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.