උණුසුම් පුවත්කාලීන

බොරු ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලවල පළ වී ඇතැ යි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි

නොරැවටෙන්න! සිසු දරු දැරියනි, මාපියනි, ගුරු භවතුනි!!!

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ විද්‍යා ප්‍රශ්න පළිබඳව ව්‍යාජ පුවතක් සමහර සමාජ මාධ්‍ය ජාලයන් හි සංසරණය වෙන බවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සිසු සිසුවියන් පිළිතුරු ලියන ලද්දේ ඉකුත් 21 වැනි සිකුරාදා ය.

මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස් කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08 ක් හිමිවන බවත් ඒ ඒ සාමාර්ථයන් සඳහා ලකු ණු මට්ටම ලකුණු 10 කින් අඩු කර තිබෙන බව ද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65 කට වඩා ලබා ගත් සෑම කෙනකුට ම හිමි බව සඳහන් කර එකී ව්‍යාජ පුවත සමාජ මාධ්‍යයන් හි හුවමාරු වන බවත් කියන අමාත්‍යාංශය අමාත්‍යාංශයේ හෝ විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශිර්ෂයකින් හා අදාළ බලධාරීන් ගේ අත්සන් සහිතව පමණක් පළ කෙරන බව ද මහජනයාටත් විශාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට හා ඔවුන් ගේ මාපියන් මෙන් ම ගුරුවරුනට ද දන්වයි.

එම නිවේදනය පහත දැක්වේ.